සිංහයො ඉතිහාසයෙ ඓතිහාසික ජය ලබා ගැනිමට අද පිටියට ( පැරණී වාර්තා ඔක්කොම මෙන්න)

ටෙස්‌ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජය ගෙන සිටින ශ්‍රී ලංකාවට ඉතිහාසයේ කලාතුරකින් ලබන සම්පුර්ණ තරගාවලි ජයක් (සියලුම තරගවල ජය) ලබා ගනිමින් ශ්‍රේණියේ පිමි කිහිපයක් ඉදිරියට ඒමට තුරුම්පු සකස් කරමින් සිටියි.
ශ්‍රී ලංකාව ඉතිහායේදී තරගාවලියක සියලුම තරග ජයගත් අවස්‌ථා සටහන් කර ඇත්තේ තෙවතාවක් පමණි. ඒ 2001 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට (3-0), 2007 දී බංග්ලාදේශයට (3-0) සහ 2001 දී සිම්බාබ්වේට (3-0) පමණි.
ඕස්ට්‍රේලියානුවන් පසුගිය දශකයක කාලය තුළදී තරගාවලියක සියලුම තරග පරාජයට පත්වූයේ ඉකුත් 2013 වසරේ ඉන්දියාවට එරෙහිවය. එහිදී ඔවුන් තරග හතරකින් සමන්විත ටෙස්‌ට් තරගාවලිය (4-0) ක් ලෙස පරාජයට පත්විය. කෙසේ වෙතත් එම තරගාවලියේ සිට ඕස්ට්‍රේලියාව ආසියාවේ ක්‍රීඩා කළ ටෙස්‌ට් තරග අටක් පිට පිටම පරාජයට පත්ව තිබීම විශේෂත්වයකි. ඉන්දියාවට 4 ක්, පකිස්‌තානයට 2 ක් සහ ශ්‍රී ලංකාවට 2 ක් වශයෙන් අදාළ පරාජයන් ඕස්ට්‍රේලියාව ලබා තිබේ.
වෙනදා පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙන එස්.එස්.සී. තණතීරුව මෙවර දඟ පන්දු යවන්නන්ගේ වාසියට හරවා ඇති බව බැලූ බැල්මට පැහැදිලිව දිස් විය. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද එම තණතීරුවේ ස්‌වභාවය හොඳින් වටහා ගනිමින් තමන්ගේ දග පන්දු යවන්නන් තුන් කට්‌ටුව සමග තෙවැනි තරගයේදීත් ඕස්ට්‍රේලියාව පරාජයට ඇද දැමීමට මාන බලමින් සිටියි.
ටෙස්‌ට් තරගයක පළමු දිනයේ පළමු පැයක පමණ එස්.එස්.සී. තණතීරුවේදී වේග පන්දු යවන්නන්ගේ මනදොල පිනවන ලෙස හැසිරුණද මෙවර එම ස්‌වභාවය වෙනස්‌ව ඇත්තේ ඕස්ට්‍රේලියානු වේග පන්දු ප්‍රහාරයේ තරම ශ්‍රී ලංකාව හොඳින් දන්නා බැවිනි.
පළමු ටෙස්‌ට් තරග දෙක පැවැති පල්ලකැලේ සහ ගාල්ලේ තණතීරු කොතරම් දග පන්දු යවන්නන්ට කරකැවුනද ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වූ මිචෙල් ස්‌ට්‍රැක් (17) සහ ජොස් හෙසල්වුඩ් (7) දෙදෙනා එක්‌ව කඩුලු 24 ක් දවා ගත්තේ තමන්ට ඕනෑම තණතීරුවක පන්දු ප්‍රහාරය කදිමට යෑවිය හැකි බව ඔප්පු කරමිනි. එහිදී ඕස්ට්‍රේලියානු දග පන්දු යවන්නන් වූ නෙදන් ලයන් (09), ස්‌ටීව් ඔකීµa (03), මිචෙල් මාර්ෂ් (01) සහ ජෝස් හෙසල්වුඩ් (2) හතර දෙනා එක්‌ව බිද දැමුවේ කඩුලු 15 ක් පමණි. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙහි කණපිට පෙරළි තිබේ.
දග පන්දු යවන්නන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්‌ට් තරග දෙක ජය ගනිද්දී රංගන හේරත් (15), ඩිල්රුවන් පෙරේරා (11), ලක්‌ෂාන් සඳකැන් (09) සහ ධනංජය ද සිල්වා (01) එක්‌ව කඩුලු 36 ක් දවා ගත්හ. එහෙත් එක් වේග පන්දු යවන්නෙක්‌ගෙන් පමණක් යෑපුන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු (ගාල්ලේදී) සහ නුවන් ප්‍රදීප් (පල්ලකැලේදී) දෙදෙනා බිද දැමුවේ කඩුලු තුනක් පමණි.
ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ සුපුරුදු පුහුණුවීම්වල එස්.එස්.සී. පිටියේ ඉතාමත් උද්යෝගයෙන් නිරත වු අතර අද තරගය සඳහා එක් වෙනස්‌කමක් සහිතව ශ්‍රී ලංකා පිල බොහෝ දුරට තරග වදින බව පැහැදිලි වේ.
වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්‌මාල් සියයට සියයක් සුවවීම හේතුවෙන් ඔහු සුපුරුදු රිද්මය සොයා එස්.එස්.සී පැති විකට්‌ටුවේ පන්දු යෑවූ අතර ඔහුගේ පැමිණීමත් සමග ගාල්ලේදී ටෙස්‌ට් වරම් ලැබු විශ්ව ප්‍රනාන්දුට බංකුවේ සිටීමට සිදුවේ.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා අසාර්ථක වුවත් අද තරගයේදීත් ජයග්‍රාහී කණ්‌ඩායම වෙනස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා ඇතුළු තේරීම් කමිටු සාමාජිකයන් ලතවෙමින් සිටින බවට තහවුරු විය. දිමුත් කරුණාරත්න මෙම ටෙස්‌ට් තරගාවලියේදී පිළිවෙලින් ලකුණු 5, 0, 0 සහ 7 බැගින් ලබා ගනිමින් ඔහු මිචෙල් ස්‌ට්‍රැක්‌ගේ ගොදුරක් බවට පත්ව තිබේ.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට් තරග 39 කින් තරග 18 ක් ජය ලබද්දී පරාජය වී ඇත්තේ තරග 7 ක් පමණි. අවසන් වරට ඉකුත් 2015 දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට් තරගයක් පරාජයට පත්විය.
මෙම තරගාවලියේ පිතිකරුවන් ලකුණු මැෂිමට විලංගු වැටෙද්දී මෙතෙක් වාර්තාවී ඇත්තේ එක් ශතකයක් (කුසල් මෙන්ඩිස්) සහ අර්ධ ශතක තුනක් පමණි. කුසල් මෙන්ඩිස් ඉනිම හතරකදී ලකුණු 277 ක් ලබා පෙරමුණේ පසුවන අතර ධනංජය ද සිල්වා ලකුණු 131 ක් ලබා දෙවැනි තැන පසුවේ. පැවැති තරග ද්විත්වයේදී සමස්‌ත ලකුණු සියය ඉක්‌මවා යැමට සමත් වුයේ දිනේෂ් චන්දිමාල් (125), ස්‌ටීවන් ස්‌මිත් (120), කුසල් පෙරේරා (108) සහ මිචෙල් මාර්ෂ් (101) පමණි.
ශ්‍රී ලංකාවේදී වැටී තිබෙන අසීරුතාවයෙන් මිදීම සඳහා ඔස්‌ටේ්‍රලියානුවන් වෙනස්‌කම් කිහිපයක් සමග තරග වැදීමේ සුදානමක් තිබෙන අතර ඔවුන් තණතීරුව දෙස බලමින් ඊයේ අවසන් පුහුණු සැසියට එස්.එස්.සී. පිටියේදී සහභාගි විය.`
අසේල විතාන
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

No comments: