මැතිව්ස්ගෙ රත්තරන් කතාව නායකත්වය නැමැති ඔටුන්න දමා යන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝකයේ ඉහළම ස්‌ථානයකට ගෙන ඒමෙන්(video)

නායකත්වයේ ඔටුන්න යනු හිසේ ඇම්ම දැනෙන වගකීමකි. හතර දිග් භාගයේ වෙසෙන ශ්‍රී ලාංකීකයන් ඇසිපිය නොහෙළා බලා සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය යනු කප්පරක් දෝස් මුරයන්ට සහ ප්‍රශංසාවලට ලක්‌වන තනතුරකි. ඒ තනතුර රැක බලා ගැනීමට නායකයා කොතරම් වැඩ දැමුවද කණ්‌ඩායම පරාජය වන විට සියලු දෝස් මුර නායකයාගේ කර මත පැටවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ටද පසුගිය මාස හයකට වැඩි කාලයක් මේ දෝස් මුරයන්ට කන්දීමට සිදුවිය. එහෙත් ඔහු නායකත්වයේ සුක්‌කානම අතහැරියේ නැත. කණ්‌ඩායම පරදින විට නායකත්වය දමා දුවන්නට අකමැති වන ඔහු නායකත්වය නැමැති ඔටුන්න අතහරින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝකයේ ඉහළම ස්‌ථානයකට ගෙන ඒමෙන් බවද පවසයි.
ශ්‍රී ලංකා ටෙස්‌ට් ක්‍රිකට් ඉතිහාසයේ ලද විශිෂ්ටතම ටෙස්‌ට් තරග ජයග්‍රහණයෙන් හෝරා විසිහතරක් ගෙවීමට මත්තෙන් ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රහණයේ සතුට මෙන්ම ආගිය කතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග මෙසේ දොඩමුලු විය.
ප්‍රශ්නය(- ඔබ ඇතුලු කණ්‌ඩායම ලෝකයේ අංක 1 ටෙස්‌ට් කණ්‌ඩායම පරාජයට පත් කළා. කොහොමද ඒ ගැන දැනෙන හැගීම…?
පිළිතුර(- ඇත්තටම අපි ගොඩක් සංතෝෂයට පත් වෙලා ඉන්නේ. මං හිතන්නේ අපි විශේෂයෙන්ම කණ්‌ඩායමක් විදියට අපේ රටේ ප්‍රේක්‌ෂක ජනතාවට ස්‌තූතිවන්ත විය යුතුයි. මොකද අපි දිනනවා වගේම පසුගිය කාලයේදී ලැබූ පරාජයන් සමග අපිත් එක්‌ක හිඳීම ගැන. අපි පසුගිsය මාස 6 ක කාලයේදී එතරම් හොඳට ක්‍රීඩා කළේ නැහැ. නමුත් මේ සියලු දෙනාම අපිත් එක්‌ක දිගින් දිගටම හිටියා.
ප්‍රශ්නය(- ඔස්‌ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගොඩක් අය කිව්වා මේ තරගාවලියේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ලක් වෙනවා කියලා. නමුත් ප්‍රතිඵලය හාති පසින්ම වෙනස් වුණා…?
පිළිතුර(- ඔව්. මං හිතන්නේ මේ සියලු දේටම හේතුව වුණේ අපි නුවරදී ලබපු ජයග්‍රහණයි. ඒ ජයග්‍රහණය තමයි මේ තරගාවලිය වෙනස් කළේ. මං හිතන්නේ මේ තරගාවලියම අපේ වාසියට හැරවුණු සංධිෂ්ඨානය වුණේ ඒ තරගයෙදි කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 175. අපි ඒ තරගයේ පළමු ඉනිමේදී ලකුණු 117 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. නමුත් කුසල්ගේ ඉනිමත් සමග දෙවැනි ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබලා ඔවුන්ව පරාජය කිරීමට සමත්වුණා. කුසල්ගේ (මෙන්ඩිස්)ඉනිම තමයි අපිට මේ තරගාවලිය ගැන විශ්වාස ගොඩ නැගෙන්න හුඟක්‌ම හේතු වුණේ. ඊට පස්‌සේ ඔවුන් පරාජයට පත් කළාම මා ඇතුලු කණ්‌ඩායමට ජයග්‍රාහී හැගීම මෙන්ම විශ්වාසය ගොඩ නැංවුණා.
ඇත්තටම මගේ කණ්‌ඩායමටත් මම මේ වෙලාවේ ස්‌තූතිවන්ත වෙන්න ඕන මේ ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසුණාට. මොකද ගොඩක් පැරදිලා ඉඳිද්දි කණ්‌ඩායමක් විදියට සෙල්ලම් කරලා ලබාගත් ජයග්‍රහණයක් නිසා. නම් නොකිව්වත් සියලු දෙනාම එකම පවුලක් වගේ ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් සිටීම මේ ජයග්‍රහණයට බෙහෙවින් බලපෑවා කියලා මම හිතනවා. ඒ දේවල් හරහා අපේ මානසිකත්වය දිගින් දිගටම වර්ධනය වුණා. මෙහිදී විශේෂයෙන්ම හේරත් දැක්‌වූ දක්‌ෂතාවය ඉතාම විශිෂ්ඨයි. ඔහු කණ්‌ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයා. ඔහු කළ කාර්යභාරය, විශේෂයෙන් තරගාවලියේදී කඩුලු 28 ක් ලබාගත්තා. එය ශ්‍රී ලාංකිකයකු තරගාවලියකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙනවා.
ප්‍රශ්නය(- කණ්‌ඩායමේ සාමාජිකයන් ලබා දුන්න දායකත්වය ගැන මොකද හිතෙන්නේ…?
පිළිතුර(- පලමු තරගයේදී කුසල් මෙන්ඩිස්. ඊට පස්‌සේ ධනංජය. පස්‌සෙ චන්දිමාල්. ඒ කවුරුත් ලකුණු ගත්තේ නැති වුණාම කෞෂාල් සිල්වා. අපි හැමෝම දන්නවා කෞෂාල් පළමු ඉනිම 5 දී ලකුණු 10 ක් වත් ලබාගත්තේ නැහැ. නමුත් එහෙම කියලා අපි ඔහු සටන අත හැරියෙ නැහැ. ඔහුට ඉදිරියට එන්න සියලු දෙනාම උදව් කළා. හැම කෙනෙක්‌ම අත්‍යවශ්‍ය වෙලාවෙදි ලකුණු 100 ක් ලබාගත්තා. විශේෂයෙන් කෞෂාල් 100 ක් ගැහුවේ අතේ මැහුම් 6 කුත් තියාගෙන. ඒ වගේමයි පන්දු යෑවීම. රංගන හේරත් මේ තරගයේදී ආබාධයකට ලක් වෙලයි හිටියේ. එයාගේ පාදයේ ආබාධයක් ඇවිල්ලා තියෙද්දීම පන්දුවත් වැදිලා තවත් ආබාධයකට මුහුණ දුන්නා. ඔහු පන්දුවට පහර නොදී පිටතට පවා ගියත් පන්දු යෑවීමේදී ඒ ආබාධ පසෙකලා තමන්ගේ යුතුකම ඕනෑවටත් වඩා හොඳින් ඉෂ්ඨ කළා. මේ වගේ දේවල් බැලීමේදී නායකයකු විදියට හරිම සංතෝෂයක් දැනෙන්නේ.
ප්‍රශ්නය(- මේ තරගාවලියට පෙර පැවැති මාස 6 ක පමණ කාලයේදී ශ්‍රී ලංකාව අති දුර්වල කණ්‌ඩායමක් බවට පත්වෙලයි හිටියේ. කොටින්ම ඔබ නායකත්වයෙන් පවා ඉවත්විය යුතුයි කියූ පිරිස් පවා හිටියා…?
පිළිතුර(- මං හිතන්නේ කණ්‌ඩායමක් පරාජයට පත් වෙනකොට ගොඩක් අය කියන දෙයක් තමයි කණ්‌ඩායම හරි නෑ කියන එක. නායකත්වය වහා වෙනස් විය යුතුයි වගේ දේවල් කියන සෑහෙන පිරිස් අප අතර ඉන්නවා. මං හිතන්නේ නායකයකු ලෙස ඒ කියන සියලු දේවල් ඉවසාගෙන සිටිය යුතුයි. නමුත් ක්‍රීඩකයන් වශයෙන් අපි තරගයකට යන්නේ පරාජයට පත්වෙනවා කියලා හිතාගෙන නොවෙයි. මම හැම තිස්‌සේම හිතන්නේ මගේ කණ්‌ඩායම සෑම අංශයකින්ම පළමු රටවල් 3 අතරට ගේනවා කියන එක ගැන. ඉතිං ඒ අභියෝගය මම මගේ කණ්‌ඩායමේ සාමාජිකයන් සමග භාර ගන්නවා. කණ්‌ඩායමේ සහයෝගයක් නැතිනම් මේ කිසි දෙයක් කරන්න බැහැ. ඒ වගේමයි අපේ පුහුණු අංශය සහ තේරීම් කමිටුවය. අපිට අමාරු තැන්වලදි ඔවුන් අපිව දිරිමත් කළා. ඒ දිරිමත් කිරීම අපිට මහා ධෛර්යක් වුණා. එහි ප්‍රථිඵල තමයි අපි මේ ඔස්‌ට්‍රේලියානු තරගාවලියෙදී අත්කරගත්තේ.
ප්‍රශ්නය(- එංගලන්ත සංචාරයේදී අපි ඔක්‌කොම තරග පරාජයට පත් වුණා. නායකයකු විදියට කොහොමද ඒ තරගාවලියේදී දැනුණු හැඟීම…?
පිළිතුර(- නායකයෙක් වුණාම දිගින් දිගටම පරාජයට පත්වෙනකොට කළකිරීමක් ඇති වෙන එක සාමාන්‍යයි. ඒ වුණත් ඒ වෙලාවෙදි වඩා වැදගත් වන්නේ කණ්‌ඩායමට මාව ඕනද මගේ අවශ්‍යතාවයක් පවතින්නේද කියන එක ගැන. නායකත්වය කියන එක බලෙන් තියාගන්නත් බැහැ හැමදාම කරන්නත් බැහැ. කණ්‌ඩායමට අවශ්‍ය නම් ඔවුන්ට හිතෙනවා නම් නායකයා ඕන කියලා ඒක තමයි නායකත්වයේ රැඳී සිටීමට වැදගත් වන්නේ. මම කළින් කිව්වා වගේ අපි හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න බලාගෙන. කවුරු නායකයා වුණත් ඒ හැගීම එහමමයි. නායකයා කියන්නේ කණ්‌ඩායමේ තිබෙන එක් නිලයක් පමණයි. නමුත් මට ඕන වෙලා තිබුණේ අපි පත්වෙලා ඉන්න අමාරු අවස්‌ථාවෙදී ඒක දාලා දුවන්නේ නැතිව කණ්‌ඩායම සමග ඉදිරියට ගිහිල්ලා තරග ජයග්‍රහණය කරලා පෙන්නන්න. මම කවද හරි නායකත්වයෙන් අයින් වෙන්නේ කණ්‌ඩායම ගෙන යන්න පුලුවන් උපරිම දුරට ගෙනල්ලා. බැරි වෙලාවේදී කළ යුත්තේ දාල දුවන එක නොවෙයි. යනවා නම් යා යුත්තේ හොඳම තත්ත්වයේ ඉන්නකොටයි කියන එකයි මගේ හැගීම. ක්‍රිකට් ආයතනය හෝ තේරීම් කමිටුව කිව්වොත් පමණක් මම නායකත්වයෙන් අයින් වෙනවා හැරෙන්නට අමාරු අවස්‌ථාවලදී මම දාලා දුවන්න කැමැති පුද්ගලයෙක් නොවෙයි. කණ්‌ඩායමට දෙයක් කරලා යන්නයි මගේ බලාපොරොත්තුව.
ප්‍රශ්නය(- ඔස්‌ට්‍රේලියානු තරගාවලියට පෙර පැරදුණු එංගලන්ත තරගාවලියේදී නායකත්වය ගැන ඇත්තටම කලකිරුණේ නැද්ද…?
පිළිතුර(- ඇත්තම කියනවා කල කිරීමකිsන් තමයි හිටියේ. ටිකක් නොවෙයි ලොකු කලකිරීමකි. එංගලන්තයේදී ලැබූ පරාජයත් සමග සමහර අවස්‌ථාවලදී සමහර දේවල් ඔලුවට ආවා. නමුත් අමාරු අවස්‌ථාවේදී කණ්‌ඩායම එක්‌ක ඉඳලා කණ්‌ඩායමට ශක්‌තියක් වෙන්න ඕන කියන එක නිතරම මගේ ඔලුවේ වැඩ කළා. සමහර අවස්‌ථාවලදී එක එක සිතුවිලි එනවා. නමුත් ඒ වෙලාවෙ මම හිතුවෙ පරාද වෙලා ඉන්න වෙලාවේ පැනලා දුවන්නේ නැතිව කණ්‌ඩායමට ශක්‌තියක් වෙලා මම සිටිය යුතුයි කියලා.
ප්‍රශ්නය(- ඔස්‌ට්‍රේලියාව සමග තරගාවලිය ජයග්‍රහණය කළත් ඔබේ නායකත්වය ගැන විවේචනය කරන අය නැතුවාම නොවෙයි…? විශේෂයෙන්ම මාධ්‍ය…?
පිළිතුර(- ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්‌ථාවක විවේචන එල්ල කරන්න පුලුවන්. මොකද ඒ විවේචන කරන කෙනා ඉන්නේ ඒ අවස්‌ථාවෙදි එළියේ. නමුත් මම ඉන්නේ ක්‍රීඩාංගණයේදී. එහිදී එළියෙ ඉන්න කෙනාට පේන දේ නොවෙයි මට පෙන්නේ. ඒ දේවල් හාතිපසින්ම වෙනස්. ඉතිං මට ඇතුලේ පේන දේවල් වලට අනුව මට හරියි කියලා හිතන දේ තමයි මම කරන්නේ. පන්දු යවන්නන් යොදා ගන්නකොට හරියන්න පුලුවන්. ඒ වගේම වරදින්නත් පුලුවන්. හුඟක් වෙලාවට හරි දේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතිං ඔය කියන අවස්‌ථාවලදී ඕනෑම කෙනෙකුට විවේචන එල්ල කරන්න පුලුවන්.
ප්‍රශ්නය(- ඔබ නායකත්වයට පෙරදී වගේම නායකත්වයට පත් වූ විටත් නිරන්තරයෙන්ම ලකුණු අතර සිටි පිතිකරුවෙක්. නමුත් මේ තරගාවලියේදී පිතිකරුවකු විදියට කිසියම් පසුබෑමක් පෙන්නුම් කළා වගේම ඔබේ අඩුව සෙසු ක්‍රීඩකයන් පිරිමැසුවා. මොකද ඒ ගැන හිතන්නේ…?
පිළිතුර(- ඇත්තටම ඒක මම පිළිගන්නවා. මම හිතන්නේ පෙර තරගාවලිවල දක්‌වලා තියෙන දක්‌ෂතාවලට සාපේක්‌ෂව මේ තරගාවලියේදී පිතිකරුවකු විදියට සාර්ථක වුණේ නෑ කියන හැගීම මටත් තියෙනවා. නමුත් මම අනෙක් තරගාවලිවලට වඩා මේ තරගාවලියෙදි නායකයකු විදියට 100% ක් තෘප්තිමත් වෙලයි ඉන්නේ. මොකද මම දක්‌ෂතා දැක්‌වුවේ නැතත් කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අනිත් ක්‍රීඩකයන් ඒ යුතුකම් කොටස හොඳින් ඉටු කරලා තියෙන නිසා. මම ආයිත් කියන්න ඕන. රංගන හේරත් තමයි හැම තරගයකදීම වැඩිම කාර්යය භාරයක් ඉටු කළේ. ඔහුගේ දක්‌ෂතා ගැන ඉතාම සතුටට පත්වෙනවා. නමුත් කණ්‌ඩායමේ සමස්‌ථයක් ගත්තොත් හැම කෙනාම වගේ ජයග්‍රහණය වෙනුවෙන් මොකක් හරි දෙයක් කණ්‌ඩායමට ඉටු කරලා තියෙනවා. ඒ කියන්නේ එක් තරගයක එක් කෙනෙක් අසාර්ථක වුණොත් අනිත් කෙනා ලකුණු අතරට ඇවිල්ලා කණ්‌ඩායම ගොඩ අරන් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වගකීම අත් උස්‌සලා භාර අරන් කරලා තියෙනවා. අන්න ඒ දේ තමයි මේ තරගාවලියේදී අපිට ගන්න තියෙන ධනාත්මකම දේ. මට කරන්න බැරි වුණත් මගෙන් ඉටුවිය යුතු දේ කවුරු හරි කරට අරන් කරලා තරග ජයග්‍රහනය කළ එක ගැන මම නායකයකු ලෙස ගොඩක් තෘප්තිමත්.
ප්‍රශ්නය(- මෑතකදී සමුගනු ලැබී මහේල සහ සංගක්‌කාරගේ අඩුව කොහොමද නායකයකු ලෙස ඔබට දැනුනේ…?
පිළිතුර(- ඒ අඩුව නම් කවදාවත් පිරිමැසිය නොහැකියි. නමුත් අපි දන්නවා සංග සහ මහේල අයියලා දැන් නැහැ. ඒ වගේමයි මුරලි අයියලා වාස් අයියලා දැන් නැහැ කියන එක. අපි අපේ ශක්‌තියනේ ක්‍රීඩා කළ යුතුයි කියලා අපි තේරුම් අරගෙන ඉන්නේ. ඇත්තම කියනවා නම් ඔවුන් දෙදෙනා විශාල ශක්‌තියක් වෙලා තිබුණේ අපේ කණ්‌ඩායමට. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැමදාම හැමෝටම ක්‍රීඩා කරන්න බැහැ කියන එක. ඔවුන් සමුගත්තත් කවද හරි මම සමුගත්තත් මේ ක්‍රීඩාව ඉදිරියට යනවා. ඔවුන් කණ්‌ඩායමට ලබා දුන් ශක්‌තිය අගය කරනවා. එයාලා අයින් වුණාම කණ්‌ඩායමේ සෑහෙන හිස්‌තැනක් ආවා. නමුත් රංගන හේරත්, දිනේෂ් චන්දිමාල් සහ කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම එකට එකතු වෙලා කණ්‌ඩායමක් වශයෙන් ඉදිරියට යන්න කොහොමද කියන සැලසුම අපි නිතරම හැදුවා. ඒ අනුව තමයි අපි මේ ඉන්න නවකයන් සමග ඉදිරියට යන්න බැලුවේ.
ප්‍රශ්නය(- ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ට්‍රේලියාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළා. හිතුවද එහෙම කරන්න පුලුවන් වෙයි කියලා…?
පිළිතුර(- කණ්‌ඩායමක් වශයෙන් එංගලන්තයටයි බටහිර ඉන්දීය කොදෙව් පිලටයි හැරුණාම පළමු පාරට තමයි ලොකු රටකට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අත්කරගත්තේ. ඔවුන්ට අමතරව අපි පූර්ණ තරගාවලි ජය ලබලා තියෙන්නේ සිම්බාබ්වේට සහ බංග්ලාදේශයට එරෙහිව පමණයි. ඒ අනුව බැලුවහම අපි කරපු දේ ගැන සෑහෙන්න සතුටක් දැනෙනවා. අපි හැම තිස්‌සේම බැලුවේ ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන. දේශීය තත්ත්වයන් යටතේ වුණත් අපි ලෝකයේ අංක 1 කණ්‌ඩායම 3-0 ක් ලෙස පරාජයට පත් කළා. මෙහිදී මා දැක්‌ක දෙයක් තමයි තරගාවලියකට පෙර පෙර සූදානම ඉතාමත් වැදගත් කියන එක. ඒ අනුව ඉදිරියේදී එන සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකානු තරගාවලි සඳහා අපි කල් තියාම පෙර සූදානම් වීම වැදගත් වෙනවා.
ප්‍රශ්නය(- තරගාවලි පරාජයෙන් පසු ඔස්‌ට්‍රේලියානුවන් මුණ ගැසුණද.. මොන වගේ දේවල්ද ඔවුන් කිව්වේ…?
පිළිතුර(- අවසන් තරගය ජයග්‍රහණය කරලා ටික වේලාවකට පස්‌සේ අපි ඔස්‌ට්‍රේලියානු පිලේ ක්‍රීඩකාගාරයට ගියා. ගිහිල්ලා ඔවුන් සමග කතා බහ කළා. අපි ක්‍රීඩා පිටියේදී එදිරිවාදීන් වුණාට එළියේදි අපි ඔක්‌කොම හොඳ යාලුවො. අපි තරගයක් කරන්නේ. එහි ජය සහ පරාජය හැරෙන්නට වෙනත් දෙයක් නැහැ. එය අපිට මෙන්ම ඔවුන්ටත් පොදුයි. ඔවුන් එක්‌ක කතා කලා සහ සුහදව කාලය ගත කළා. ඇත්තටම තරගාවලිය 3–0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන් හොඳ මානසික තත්ත්වයක නොවෙයි ඉන්නේ
ප්‍රශ්නය(- තරගාවලිය ජය ගත්තත් මේ තරගාවලියේ වැරදුණු තැන් බොහොමයක් ඇති. මොනවද ඔබ හිතන විදියට මේ තරගාවලියේදී වැරදුණ තැන්…?
පිළිතුර(- නායකයෙක් විදියට මම හැම තිස්‌සේම හිතන දෙයක් තමයි අපි හැම දෙයකින්ම ඉදිරියට යා යුතුයි කියන එක. කොච්චර දිනුවත් සමහර අවස්‌ථා තියෙනවා වැරදුණු තැන් ගැන කතා නොකරන. ඊයේ දිනයේදී අපි අපිට වැරදුණ තැන් කතා කළා. ඒ වගේමයි ඉදිරියට කරන්න ඕන දෙවල් ගැනත් අපි සාකච්ඡා කළා. මං හිතන්නේ අපි සාපේක්‌ෂව ගත්තොත් අනිත් තරගාවලිවලට වඩා සෑහෙන්න මේ තරගාවලියෙදි ඉදිරියෙන් සිටියා. අපේ දඟ පන්දු යවන්නෝ හුගක්‌ම පන්දු යෑව්වා සහ ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉතාම හොඳින් කළා. වේග පන්දු යවන්නන්ගේ අඩුව තමයි අපිට හදාගන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. අපේ පන්දු යවන්නන් සියල්ලම පාහේ ආබාධවලට ලක්‌වෙලා තියෙනවා. වේග පන්දු යවන්නන්ට අමතරව අපේ පන්දු රැකීමත් සහ පන්දුවට පහර දීමත් තව ටිකක් මුවහත් කරගත යුතුයි.
ප්‍රශ්නය(- ඔබ 2019 වන තෙක් කණ්‌ඩායමේ සියලු අංශවල නායකයා බවට පත් කරලා තියෙනවා. හිතනවාද මේ කණ්‌ඩායමත් සමග 2019 ලෝක කුසලාන තරගාවලියේදී හොඳ දෙයක් කළ හැකියි කියලා…?
පිළිතුර(- අනිවාර්යයෙන්ම. අපේ තියෙන දක්‌ෂතාවත් එක්‌ක හරි දේ ඉදිරියට කරගෙන ගියොත් මම හිතනවා අපිට හොඳ අවස්‌ථාවක් තියෙයි කියලා. මෙහිදී කණ්‌ඩායමට හරි අය තෝරාගන්න එක ඉතාමත් වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා තේරීම් කමිටුව එක්‌ක සාකච්ඡා කරලා හොඳ ක්‍රීඩකයන් තෝරගන්න. ඒ අයට දීර්ඝ අවස්‌ථාවක් ලබා දිය යුතුයි. ඒ සඳහා අපිට ඕනෑ තරම් කාලය තියෙනවා. මම හිතෙනවා ඒ අවස්‌ථාව ක්‍රීඩකයන්ට ලබා දුන්නොත් අපේ අනාගතය සුබවාදී වෙයි කියලා. බලන්න දැන් ඉන්න කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වුණත් එතරම් අත්දැකීම් තියෙන අය නොවෙයි. ධනංජය තවම ටෙස්‌ට් තරග 3 යි ක්‍රීඩා කරලා තියෙන්නේ. කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරාත් එහෙමයි. මොවුන් දිහා බලලා දීර්ඝ අවස්‌ථාවක් දුන්නොත් අපිට මොවුන්ගෙන් සෑහෙන වැඩක් ගන්න පුලුවන් වේවි.
ප්‍රශ්නය(- ගොඩක් අය කිව්වා අපිට දිනන්න නම් තවත් වසර 2 ක් 3 ක් බලාගෙන ඉන්න සිදුවෙනවා කියලා. නමුත් ඔබ ඇතුලු කණ්‌ඩායම එය ඉක්‌මනින්ම කළා. ඒ අනුව මේ ජයග්‍රහණයෙන් කියන්නේ අපි දැන් දිනන මාවතට අවතීර්ණ වෙලා කියන එකද…?
පිළිතුර(- නෑ නෑ. එහෙම කියන්න බැහැ. මම හිතන විදියට අපි තවම ඒ තැනට ඇවිල්ලා නැහැ. අපිට තව දුර යන්න තියෙනවා. අපේ දේශීය තත්ත්වයන් යටතේ අපි හොඳට ක්‍රීඩා කළා. ඒක ඇත්ත. නමුත් අපේ ක්‍රීඩකයන් අරන් බැලුවහම ඔවුන්ට එතරම් තරග අත්දැකීම් තියෙන අය නොවෙයි ඉන්නේ. අඩුම තරමේ කණ්‌ඩායමක් හරියට හැදෙන්න නම් ඉන්න ක්‍රීඩකයන් තරග 25 කට හෝ වඩා ක්‍රීඩා කරලා තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ තත්ත්වයේ සිටින්නේ බොහොම කිහිප දෙනයි. කුසල් මෙන්ඩිස් තැනකට ආවා. ඒ එයාට තියෙන සහාජ හැකියාව ප්‍රයෝජනයට අරගෙන්. නමුත් එහෙම කියලා සමහර අය එහෙම නැහැ. කල් යනවා. ඒ නිසා අපි ඔවුන්ට ඒ තලයට එනකම් කාලය ලබාදිය යුතුයි. මම හිතන විදියට ලෝකෙ අංක 1 කණ්‌ඩායම පරාජයට පත් කළා කියලා අපි 100% කින් හරිම තැනට ඇවිල්ලා නෑ. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේ කළා වගේ ඉදිරියේදී අපිට හොඳම තත්ත්වයකට පැමිණෙන්න හැකියාව තියෙයි කියලා.

No comments: