අපෙන් සමුගත් විජයගෙ ගෙ අන්තිම දවස මිතුරන්ගේ රහස් මෙන්න ඉගි පල කරලා සමුගන්න බලන්න මෙතනින්

නාට්‍යයේ විජය අයියා එක්ක වැඩි කොටසක් රඟපෑවේ මම. ඔය අවසන් දර්ශන යෙදිලා ඉන්න එක අවස්ථාවක මට දැනුණු කාරණයක් තියෙනවා. නාට්‍යයේ මාධ්‍යවේදියා (රොෂාන්) ගෙ බිරියගෙ ඇමතුමට විජය අයියා මගෙ ළඟට ඇවිත් කනට කරලා “ලොකු සර් අරූගෙ වයිෆ් කතා කරනවා” කියන දෙබස එදා අයියා මා එක්ක කලින් කතා කරලා කීවේ සේනක මම අද ළඟට එන්නෙ නෑ. මෙහෙම වාඩි වෙලාම දෙබස් කියන්නම් කියලා. ඉතින් ඔය වගේ අවස්ථා තුනකදී විජය අයියා වාඩි වුණා. අයියගෙ වෙනදා තියෙන ජවය අඩුකම එදා මට හොඳට දැනුණා. මොකද ‘අලුත් හොරෙක් ඕනෑ’ දර්ශන වාර හයක් එක දිගට වේදිකා ගත වුණත් විජය අයියා වාඩි වෙලා ඉන්නවා මම දැකලා නෑ.
විවේකය අතරේ චරිතවලට අතිරේක ඇඳුම් ඕනෑ නේද කියලා විජය අයියා එක්ක නාට්‍යයේ අධ්‍යක්‍ෂ අපිත් එක්ක කිව්ව වෙලේ ‘එහෙනම් අපි කැරැක්ටර් එක ඩබල් කරමු, කියලා අපිත් විහිළුවකුත් කළා. ඒ වගේම විජය අයියයි, මමයි නාට්‍යයේ අවසන් දර්ශනයේ සව්දිය පුරන කොට විජය අයියා කියන ‘චියර්ස්’ දෙබස ඔහුගේ අන්තිම දෙබසයි.
වෙනද නැති වෙනසක් එදා මම දැක්කා -වෙනද නැති වෙනසක්
එදා මම දැක්කා
විජය අයියා ස්ටේජ් එකට ආවහම තමන්ගෙ අමාරුකම් ගැන අමතක කරනවා. එහෙම වෙලාවට මම කලින් කියනවා ‘අයියෙ පොඩ්ඩක් පරිස්සමින්’ කියලා. ඒත් ස්ටේජ් නැග්ගම අයියාට ඒක අමතකයි. එදා දර්ශනයෙදි අයියා වාඩි වුණේ අමාරුවකට කියලා මට දැනුණා.
‘ඔව් කියන්න මල්ලී’සුපුරුදු හඬ ඇහුණෙ නෑ -අලුත් හොරෙක් සංවිධායක ජූඩ් ශ්‍රී මාල්
එදාමගේ ඇමතුමට වෙනදාට “ඔව් කියන්න මල්ලි” කියන සුපුරුදු හඬ ඇහුණෙ නෑ. ඒ වෙනුවට කතා කළේ විජයගේ පුතා රසංජන.
තාත්තා නැති වුණා කියන වදන පිට වුණා. විජය අයියට මම උදේ 9.30ට කෝල් කළේ එයා යන්න ඉන්න විදේශ ගමන හින්දා මෙහෙ කැන්සල් වෙච්ච ෂෝස් ටික ගැන කතා බහකට විජය අයියා කීවේ ආපහු මට ඒ ගමන යන්න වෙලා ඒ අය මං එනකම් බලන් ඉන්නවා කියලා. අයියා ෆෝන් එක තිබ්බෙ ආපහු කෝල් එකක් දෙන පොරොන්දුවෙන්. ඉතින් අයියගෙ කෝල් එක පරක්කු හින්දා ඊට පැය එකහමාරකට පස්සෙ මම කෝල් කරනකොටයි. මම ඒ අවාසනාවන්ත පණිවුඩය දැනගත්තෙ.
සත්තකින්ම විජය අයියාගෙ වෙන්ව යෑම මට මුලින්ම හිතාගන්න බැරි තැනකට පත් කළා. මං වගේම නාට්‍යයට සම්බන්ධ අනෙක් අයටත් ඒක දැනෙනවා ඇති.
රත්නපුරේ ෂෝ එකට ගිහින් පාටියක් දාමු කිව්වා -ඇමැති චරිතයේ ලේකම්වරිය මිහිරි ප්‍රසංගනී
බස් එකේ යන හින්දා අපි කට්ටිය පාටියක් දාන්න හිටියෙ. ඒත් උදේ විජය අයියා හිටියෙ නෑනෙ. අයියා දවල් කුරුණෑගල ආවහම මම ඒ ගැන කිව්වහම ’19 වැනිදා රත්නපුරේ ෂෝ එකට ගියාම පාටියක් දාමු’ කියලා එයා කීවා. ඒ අතරේ රඟපාද්දි ලේකම්වරිය වෙච්ච මාව විජය අයියා ඇවිත් ඉඹින දර්ශනයෙදි මයික් එකට හොරෙන් ‘කෙල්ලෙ මූණ ඉම්බට කමක් නෑ. ඇඟේ ලිෆ්ටික් ගානවා එහෙම නෙවෙයි, කියලා හිනාවෙලා කීවා.
වෙනද තනියම එන විජය එදා ආවෙ මුළු පවුලම එක්ක -අලුත් හොරෙක් අධ්‍යක්‍ෂ අජිත් මෙන්ඩිස්
විජය අයියගෙ අවසාන රංගනය මෙතැනින් නිමා වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. අලුත් හොරෙක් ඕනෑ තිස් පස් වැනි දර්ශනය කුරුණෑගල පළාත් සභා රංග ශාලාවේ පසුගිය අට වැනිදා සවස 3.30ට හා 6.30ට වේදිකා ගත වෙන්න යෙදිලා තිබුණෙ. වෙනදා අපි නාට්‍යයේ පිරිස පෞද්ගලික වාහනවල යන අදහස පැත්තකින් දාලා බස් එකක යන්න හිතුවා. කට්ටියව අරගෙන එන බස් එකට කදාන හරියෙදි ගොඩ වුණ ගමන් මම විජය අයියා වාඩිවෙන සීට් එක උඩ එයා බෙල්ලට දාන කොලර් එකයි, කොට්ටෙයි විතරක් තියෙනවා දැක්කා. විජය අයියා ඊට පෙර දවස් දෙකේම කොළඹත්, තංගල්ලෙත් ජවනිකාවලට ගිය හින්දා මහන්සියටද කොහෙද නින්ද ගිහිල්ලා. බස් එක එයාගෙ ගේ ළඟට යද්දිත් විජය අයියා නිදි කියලා බස් එකේ අයට දේවිකා කියලා තියෙනවා. කලින් දවසෙ ෂෝ එක ඉවර වෙලා පාන්දර 3.30ට විතර ගෙදරට ආපු විජය අයියා උඩ තට්ටුවට යන්නෙ නැතිවම පල්ලෙහා නින්ද ගිහින්. බස් එක ආවහම දේවිකා කියලා තියෙනවා ඔයගොල්ලො යන්න අයියා නැඟිට්ටහම අපි කුරුණෑගලට එන්නම් කීවම බස් එක පිටත් වෙලා තියෙනවා.
ඉතින් බස් එක ඊළඟට සමන්ව ගන්න යද්දිත් සමන්ව වෙලාවට ගන්න බැරිව එයාගෙ ෆෝන් එක ඕෆ් වෙලා. ඒ වගේ දේවලුත් එදා වුණා. ඒ කොහොම හරි විජය අයියාගෙ වාහනෙ කුරුණෑගලට එනකොට දවල් එක විතර වෙලා. වෙනදාට විජය අයියයි, පුතයි විතරක් එන කාර් එකේ දේවිකයි නංගියි ඉන්නකොට මට අමුත්තකුත් දැනුණා. තව නාට්‍ය අතර වුණු විශේෂ සිද්ධියක් මට මතක් වුණා. එදා මගෙ නාට්‍යයේ මුල්ම ෆොටෝ ෂූට් එක. මේ ෂූට් එක කළේ නාට්‍ය කණ්ඩායමේම සමීර මල්ලි. සමීර නාට්‍යයේ පෙළ කියවන්නා. සෙනඟ හින්දම ෆොටෝ ගහන්න අමාරුයි කියලා එයා කීවත් මම සමීරව වැඩේට උනන්දු කළා. මම නාට්‍යයේ අධ්‍යක්‍ෂ වුණත් එදා නාට්‍යය වේදිකාවේ ප්ලේ වෙත්දි සමීර මල්ලි ෆොටෝ ගහනකොට මම පෙළ කියවන වැඩේ භාර ගත්තා. අන්තිමේට ‘අලුත් හොරෙක් ඕනෑ’ නාට්‍යයේ පින්තූර අඩුපාඩුව සම්පූර්ණ වුණත් අද වෙත්දි අපිට ඉතුරු ඒ පින්තූර ටික විතරයි.
නාට්‍ය දර්ශන දෙක අතරතුර ලැබෙන විවේකයේදි විජේ නාට්‍යයේ ලයිට් අල්ලන තැන්, කලින් දර්ශනවල අඩුපාඩු, හොඳ නරක මා එක්ක කතා කරනවා. 6.30 දර්ශනය අවසන් වෙලා රාත්‍රි ආහාරය ගන්න කට්ටියම එකතු වුණා මට මතකයි. එදා අපට කෑමට තිබ්බෙ ඉඳිආප්පයි, මාළුයි. විජය අයියා ඒ වෙලාවෙ හරි අපූරු වැඩක් කළා. දේවිකා අක්කා ඔතලා දුන්නු බත් එක කාණ්ඩේ අනිත් අයට දුන්නු විජය අයියා ‘මේවා මරුනෙ බං’ කිය කිය හිනාවෙන ගමන් ඉඳිආප්පයි, මාළුයි පිඟානට බෙදා ගත්තා. කෑම කාලා අහවර වෙච්ච අයියා රෑ දහයහමාරට විතර ‘එහෙනම් දහතුන් වැනිදා දෙහිවලදී හම්බ වෙමු’ කියලා දේවිකයි, පුතයි, කට්ටිය එක්ක කාර් එකට නැග්ගා.
නදීෂ නිර්මාණ හේරත්

No comments: