ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ෆින්ච් අයියා ලොකු හෙළිදරව්වක්..කරනවා බලන්නකො (video)
ප්‍රේමදාස තණතීරුව ඉතාමත් දුර්වල විකට්ටුවක් බව ප්‍රථම එක් දින
ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක
පිතිකරු ආරොන් ෆින්ච් ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට මඟ පාදා දෙමින් පන්දු 46කින් ලකුණු 56ක් ලබා
ගත් ෆින්ච් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ඉනිමේදී පවා පන්දුව නොකඩවා
ඉපිලීමක් තිබූ බවයි.
ප්‍රේමදාස විකට්ටුව දඟපන්දු යවන්නන්ට හිතකාමී නමුත් මෙදා පුදුමාකාර ලෙස
දඟ කැවීමක් දුටු බව කී ෆින්ච් “මම හිතන්නෙ නැහැ එතරම් ප්‍රමාණයකින් දඟ
කැවෙන විකට්ටුවක මින් පෙර මම ක්‍රීඩා කරලා ඇති කියල. තරගයේ 2වැනි
පන්දුවාරයේ සිටම ඒ විකට්ටුව දඟ කැවුණා. මම හිතන්නෙ එම තණතීරුව හරිම අයහපත්
එකක්. එහෙම වෙලත් අපි ඒ වගේ ලකුණු ප්‍රමාණයක් රැස්කරල තරගය දිනුවා. ලංකාව
පැත්තෙන් එව්ව සෑම පන්දුවාරයක් පාසා වෙනසක් තිබුණා. ඒ වගේම ඔවුන්ට ඕනෑ තරම්
විකල්ප තිබුණා” යනුවෙන්ද පැවසීය.
ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ෆින්ච් අයියා ලොකු හෙළිදරව්වක්..කරනවා බලන්නකො (video)
Reviewed by
Unknown
on
7:16 PM
Rating:
5
No comments: