Header Ads

සිංහයො white wash එකට සුදානම් VS කැන්ගරුවො ජාම බේ‍ර ගන්න සුදානම් මෙන්න නවතම තතු (REPORT & VIDEOS))

සිංහයො white wash   සුදානම් කැන්ගරුවො ජාම බේ‍ර ගන්න සුදානම් මෙන්න නවතම තතු (REPORT)

ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල මේ වන විට 2-0 ලෙස තරගාවලිය දිනා ඇති නිසා තෙවැනි තරගය ද ජයගැනීමේ  අපෙක්ෂාවෙන් පසුවෙයි.

1999 ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී 1-0 ලෙස ටෙස්ට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිල දිනාගත් අවස්ථාවේදී අස්ගිරියේ තරගය ජය ගත්තද ඉතිරි තරගවලට වර්ෂාවෙන් බලපෑම් සිදු විය.

කෙසේ වුවත් හෙට ඇරඹෙන එස්.එස්.සී. තරගයට ශ්‍රී ලංකා පිලට සුරංග ලක්මාල් ආබාධය සුවවීමෙන් පසුව නැවත එක්කොට ඇති අතර ඔහු බොහෝ විට මංගල ටෙස්ට් වරම් ලැබූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට එක්වනු ඇති බව වාර්තා වේ.

ආරම්භක පිතිකරු යුගලය දිමුත් කරුණාරත්න හා  කෞෂාල් සිල්වා මුල් තරග දෙකෙහිම අසාර්ථක වුවද ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස වෙනසකින් තොරව එක් කිරීමට බොහෝ දුරට සැලසුමක් ඇති බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු පිල පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ජෝ බර්න්ස් වෙනුවට ෂෝන් මාෂ් එක් කරනු ඇතැයි අනාවරණය වේ.

වේග පන්දු යවන මිචෙල් ස්ටාක් එස්.එස්.සී. තරගයේදී ද ප්‍රධානම තුරුම්පුව ලෙස ඔස්ට්‍රේලියාව යොදා ගැනීමට බලා‍පොරොත්තු වේ.

මේ අතර එස්.එස්.සී. පිටියට වැඩි ප්‍රේක්ෂක ජනතාවක් එක්වෙනු ඇතැයි බලා‍පොරොත්තු වන්නේ ඓතිහාසික තරගාවලි ජයක් මේවන විටත් ශ්‍රී ලංකා පිල ලබා ඇති බැවිනි

 

No comments:

Powered by Blogger.