Header Ads

මැතිව්ස් කැන්ගරුවො අන්ත අසරන කිරිමට සුදානම් බලන්නකො සිංහ නායකයාගෙ කතාව (video)

මැතිව්ස් කැන්ගරුවො  අන්ත අසරන කිරිමට සුදානම් බලන්නකො සිංහ නායකයාගෙ කතාව (video)

 

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට (13) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්න නියමිතව තියෙනවා.
ඒ තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් එක්වනවා කියලයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ.
ඇන්ජලෝ මේ අදහස් පලකලේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
මේ අනුව විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත්වන බවයි මැතිව්ස් පැවසුවේ.
එමෙන්ම පළමු ටෙස්ට් තරඟ දෙකේදීම අසාර්ථකවූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වාට අවස්ථාවක් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නායකයා පැවසුවා.
මේ අනුව රොෂේන් සිල්වාට ටෙස්ට් වරම් ලබා ගැනීම තවදුරටත් කල් යනු ඇති.

No comments:

Powered by Blogger.