චන්දිමාල් තමන්ගේ සටන්කාමී ඉනිම ගැන රහස් හෙළි කරයි. (video)
චන්දිමාල් තමන්ගේ සටන්කාමී ඉනිම ගැන රහස් හෙළි කරයි.
එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ තම සත්වැනි ටෙස්ට් ශතකය ලැබූ
දිනේෂ් චන්දිමාල් පවසන්නේ කණ්ඩායම වැටී තිබූ මොහොතක සටන්කාමී ඉනිමක නිරත
වීමට ලැබිම වඩාත් සතුටට හේතුවක් බවයි. ‘ඇත්තටම ඒ ඉනිම ඉතාමත් අමාරුවෙන්
ගොඩනැගුවේ. මම මුල් තරග දෙකෙහිම ලකුණු අතරට නොපැමිණි හෙයින් යම් පීඩනයක්ද
තිබුණා. මෙහිදී ලකුණු 26ට කඩුලු 5ක් වැටී තිබෙන අවස්ථාවක කඩුල්‍ලේ සිටීම
තවත් වැඩි පීඩනයක් ගෙනදුන්නා. ඒත් අභියෝගයට හොඳින් මුහුණ දුන්නා’ යැයි
චන්දිමාල් පවසයි.
‘මම පහරවල් කරා යෑමට වඩා සිදුකළේ වැඩිපුර පන්දුවලට මුහුණ දෙමින් කඩුල්ල
ආරක්ෂා කිරීමයි. විශේෂයෙන් පන්දුව නැවතත් දෝලනය වී පැමිණි අවස්ථාවල මම
හොඳින් ඊට මුහුණ දී තිබුණේ නැහැ. මේ නිසා මම පිතිකරණ රටාවේ යම්කිසි වෙනසක්
සිදුකළා’ යැයි පැවසූ චන්දිමාල් නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා ප්‍රතිවිරුද්ධ
අන්තයේ සිට ඉතා හොඳ ඉනිමක් ගොඩනැගූ බව ඇගයීමෙන් ප්‍රකාශ කළේය.
ටෙස්ට් ඉනිම අතරින් වඩා වැඩි කාලයක් ගෙන ශතකයට ළඟාවූ චන්දිමාල් හයවැනි
කඩුල්ලට ධනංජය සමග ලකුණු 211ක සබඳතාවක් එක්කරනු ලැබූ අතර අංක හය හා අංක හත
ක්‍රීඩකයන් දෙදෙනාම ශතක ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රථම වරට ලැබූ අවස්ථාව
ලෙසද මෙම තරගය වාර්තා පොතට එක්වේ. එමෙන්ම මීට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව
2011 වසරේ මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් 6 වැනි කඩුල්ලට ලකුණු 142ක් ලෙස
තැබූ වාර්තාවද ධනංජය හා චන්දිමාල් බිඳ දැමීම විශේෂත්වයක් වේ.
‘ඇත්තටම ඔස්ට්‍රේලියානු මුල් ටෙස්ට් තරග දෙකෙන් මම ගොඩක් දේවල් ඉගෙන
ගත්තා. ඒ අනුව නැවතත් ලකුණු අතරට ඒමට කරනු ලැබූ සැලසුම ක්‍රියාත්මක වීම
සතුටක්’ බවද චන්දිමාල් පැවසුවේය. චන්දිමාල් 4 පහර 8ක් හා එක් 6 පහරක්
සමගින් පන්දු 280කදී ලකුණු 132ක් ලැබූ අතර නාදන් ලයන්ට එරෙහිව රිවස් ස්වීප්
පහරකින් ලැබූ හයේ පහර ඉනිමේ වඩාත් කැපී පෙනුණා.
චන්දිමාල් තමන්ගේ සටන්කාමී ඉනිම ගැන රහස් හෙළි කරයි. (video) බලන්නකො කොල්ලා කියන දෙ
Reviewed by
Unknown
on
6:54 PM
Rating:
5
No comments: