Header Ads

ස්මීත්ගෙ හිතෙ අමාරුව ලිපියකින් හෙළි කරලා පව් නේද​??? බලන්නකො “මම හෝටල් කාමරයේ තනියෙන් සිටිද්දී මේ තරගමාලාව පුරා මම දැවීගිය ආකාරය මගේ මනසේ නැවත නැවතත් හොල්මන් කළේ නැතැයි කිව්වොත් ඒක බොරුවක්.”

 ස්මීත්ගෙ හිතෙ අමාරුව  ලිපියකින් හෙළි කරලා පව්  නේද​??? “මම හෝටල් කාමරයේ තනියෙන් සිටිද්දී මේ තරගමාලාව පුරා මම දැවීගිය ආකාරය මගේ මනසේ නැවත නැවතත් හොල්මන් කළේ නැතැයි කිව්වොත් ඒක බොරුවක්.” 

 

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරග 3-0 ක් ලෙස පරාජයට පත්වීම පිළිබඳව දිර්ඝ විස්තරයක් ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත්  ‘ෆොක්ස් ස්පෝර්ට්’ වෙබ් අඩෙවිය වෙත ලියු ලිපියක කරුණු ඇතුලත් කර තිබේ.

“මම හෝටල් කාමරයේ තනියෙන් සිටිද්දී මේ තරගමාලාව පුරා මම දැවීගිය ආකාරය මගේ මනසේ නැවත නැවතත් හොල්මන් කළේ නැතැයි කිව්වොත් ඒක බොරුවක්.” ඔහු ‘ෆොක්ස් ස්පෝට්ස්’ වෙත යැවූ තීරු ලිපියේ එසේ ලියයි.

“ආපසු හැරිලා බලද්දී මම ගහපු පහරවල් කිහිපයක් ගැනම තියෙන්නේ පසුතැවිල්ලක්. රංගන හේරත්ගේ පන්දුවලට දෙපාරක්ම කඩුල්ල බිඳ ගන්නට සිද්ධවුණු කට් පහර ගැසීම ගැන මම දැන් පසුතැවෙනවා…. මේකේ වේදනාව මට ලොකුවට දැනෙන්නේ ටෙස්ට් තරගමාලාවට එන්නට කළින් මම මේ කට් පහර සෑහෙන්න පුරුදු වුණු නිසයි.‘ ඔස්ට්‍රේලියානු නායකයා එසේ සටහන් කරයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී හේරත්ගේ පන්දුවකට ස්මිත් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාය. එදා ඉනිමේදී තමා මැද ඉන්න සහ පා ඉන්න අතර සිටගෙන සිටීම ගැනත් දැන් ඔහු පසුතැවෙයි.

“මම පා ඉන්නේ විතරක් ක්‍රීඩා කළා නම් එදා ඒ විදිහට දැවී යන්නේ නෑ..” ඔහු සඳහන් කරයි.

“මේව මතක් වෙද්දී මට මං ගැනම කේන්ති යනවා.  තරගමාලාවට කළින් මං කොයිතරම් නම් පුහුණුවීම් කළාද..?”

ඔස්ට්‍රේලියානු නායකයා ඉච්ඡාභංගත්වයට පත්කළ අනිකුත් සිද්ධිය වන්නේ ඔහුගේ කණ්ඩායම මුළු ටෙස්ට් තරගමාලාව පුරාම හොඳ තැනකට නොපැමිණීමය.

“පන්දුවෙන් අපිට තිබුණු වාසිය අපි ගත්තේ නෑ. තුන්වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ දී ලකුණු 26 කට කඩුලු 5 ක්ම බිඳ වැටිලා සෑහෙන අමාරුවෙන් හිටියේ. අන්තිමේදී අපි එයාලට ලකුණු 355 ක්ම රැස් කරන්න ඉඩ දුන්නා. අපිට තරග දින්න හොඳ අවස්ථාවක් තිබුණා. අපි එයාලව එච්චර ලොකුවට ගත්තේ නැති එකේ  විපාක තමයි ඕවා” යයි ස්මිත් ලියයි.

එම ටෙස්ට් තරගමාලාව පුරාම ඔස්ට්‍රේලියානුවන්ගේ ඇදවැටීමට ලොකුම හේතුව වූයේ රංගන හේරත්ගේ වමත් දඟ පන්දු යැවීම බව ඔස්ට්‍රේලියානු පිලේ නායකයා සිය තීරු ලිපියේ සටහන් කර තිබිණ.

හේරත් මේ ටෙස්ට් තරගමාලාවේ දී කඩුලු 28 ක්ම බිඳ දැමුවේ 12.75 ක සාමාන්‍යයක් රඳවා තබාගනිමිනි. ඔහුගේ පරීක්ෂණයෙන් සමත්වීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ අසමත්වූහ.

“හේරත් එක්දින තරගවලට නැති එක ලොකු දෙයක්” ස්මිත් එසේ ලියා තැබීය.

මේ දඟපන්දු යවන්නාගේ විජ්ජාව ගැන තරගමාලාවෙන් පසුව තමා ඔහු සමග කතාබහක නිරතවූ බවත් ස්මිත් සඳහන් කර තිබේ.

හොඳ වෙලාවට එක්දින තරගවලට රංගන හේරත් නැ. මොකද ඔහු එක්දින තරගබිමෙන් විශ්‍රාම ගිහිනුයි ඉන්නේ. මේ හාදයාට අවුරුදු 37 ක්වත් ඇති. ඒත් පන්දු යවන්නෙක් හැටියට ඔහු තවමත් දක්ෂයි. ඒක මං හොඳ හැටි දන්නවා. මොකද  මේ තරගමාලාවේ ඉනිම් 6 කින් 5 ක්ම මාව දවාගත්තේ ඔහු”

“අන්තිම තරගයෙන් පස්සේ අපි ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොඩි අඩියක් ගැහැව්වා. ඒ වෙලාවේ මං හේරත් එක්ක ඔහුගේ පන්දු යැවීමේ උපක්‍රම ගැන කතා බහ කළා. ඔහු එක්දින තරගවලින් විශ්‍රාම ගිහින් ඉන්න නිසා අන්තිමේ දි මට කොහොමහරි ලකුණු ටිකක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තියෙන බව කියලා මම ඔහුට විහිලු කළා”

තම අතේ උස පාවිච්චි කරලා පන්දුව යවන ගමන් මග වෙනස් කළ හැටි,  හුළඟ තියෙන වෙලාවට පන්දුව පා කරලා යවන්න උත්සාහ කරමින් පන්දුවේ දිලිසෙන පැත්ත පිට ඉන්නට පිටින් පතිත කළ හැටි වගේ දේවල් පැහැදිලි කරන්න තරම් ඔහු කාරුණික වුණා”

“මම සාමාන්‍යයෙන් ප්‍රතිවාදියෙක් එක්ක මේ විදිහට විවෘතව කතා කරන්නෙ නෑ. ඒත් ඔහු හැමතිස්සෙම මාව දවාගත්තු නිසා ඒක හදාගන්නයි මට ඕන කළේ. ඔහු මාත් එක්ක විවෘතව කතා කරපු එක මම සෑහෙන්න අගය කරනවා.” ස්මිත් එසේ ලියා තැබීය.

No comments:

Powered by Blogger.