Header Ads

කවුද මේ අලුත් අපොන්සුකාරයා??? සිංහයන්ට එකතු වෙලා වැඩ දැමු කවුද මේ අපොන්සු??? (video)

කවුද මේ අලුත් අපොන්සුකාරයා??? සිංහයන්ට එකතු වෙලා වැඩ දැමු කවුද මේ අපොන්සු??? (video) 

 

ධනංජය ද සිල්වාට සහ අමිල අපොන්සුට එක්‌දින වරම් ලබාදෙමින් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග පළමු එක්‌දින සටන අරඹද්දී දඟ පන්දු යවන්නන් හය දෙනකුම (ඩිල්ෂාන්, සඳකැන්, අපොන්සු, සිරිවර්ධන, ඩිල්රුවන්, ධනංජය) කණ්‌ඩායමේ සිටියදී වේග පන්දු යවන්නන්ගේ කර්තව්‍ය මැතිව්ස්‌ට සහ තිසරට භාර විය. ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය සමග දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අමිල අපොන්සු ශ්‍රී ලංකාවට පැමිණ දින දෙකකට පසුව එක්‌දින වරම් ලැබීය.

අපොන්සු අවසන් වරට දකුණු අප්‍රිකානු නැගී එන කණ්‌ඩායමට එරෙහිව ඉනිමක කඩුලු අටක්‌ දවා ගත් වමත් පා දඟ පන්දු යවන්නෙකි. 23 හැවිරිදි අමිල අපොන්සු ශාන්ත සෙබස්‌තියන් විදුහලේ ආදි සිසුවකු වන අතර ඔහු දැනට රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තුන් තරග 27 කදී කඩුලු 111 ක්‌ දවා ගනිමින් දක්‍ෂතා දක්‌වා ඇත.

ඊයේ තරගයේදීද ඔහු තම පන්දු ඕවර 10 තුල ලකුණු 27ක් පමණක් දෙමින් එක කඩුල්ලක් දවා ගනිමින් ප්‍රබල තර්ජනයක් එල්ල කළේය.

 

No comments:

Powered by Blogger.