Header Ads

තවත් ලකුණු විස්‌සක්‌ හෝ තිහක්‌ ලබා ගත්තානම් පහසුවෙන්ම ඔස්‌ට්‍රේලියානුවන් දමනය කර දැමීමට හැකියාව තිබ්බා -ඇන්ජලෝ කියන කතාව මෙන්න​(video)

 තවත් ලකුණු විස්‌සක්‌ හෝ තිහක්‌ ලබා ගත්තානම් පහසුවෙන්ම ඔස්‌ට්‍රේලියානුවන් දමනය කර දැමීමට හැකියාව තිබ්බා -ඇන්ජලෝ (video)
  “ඒ තණතීරුවේ ලකුණු ලබා ගන්න කොහෙත්ම පහසු වුණේ නැහැ. ආරම්භක පිතිකරුවන් දෙන්නා ගිහින් බැට්‌ කරල ආපු ගමන් අපි ඇහුව්වා තණතීරුව කොහොමද කියලා. ඒ අය කිව්වෙ ලකුණු ගන්න අමාරුයි කියලා. නමුත් අපිට අඩුම තරමේ 250 ක්‌ වත් ගහන්න පුළුවන් වුණා නම් තීරණය වෙනස්‌ කරන්න තිබුණා.” “අපිට තව ලකුණු විස්‌සක්‌ හෝ තිහක්‌ මදි වුණා. නමුත් ලේසි නෑ ලකුණු ගන්න. කුසල් මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් විශිෂ්ට පිති ප්‍රහාරයක්‌ දියත් කළා. මම නම් මුලින්ම බැට්‌ කරන්න තමයි හිතාගෙන හිටියේ. මම දන්නෙ නැහැ ඔස්‌ට්‍රේලියානු නායකයා අපිට මුලින්ම ගහන්න දුන්නෙ ඇයි කියලා. කොහොමත් පරාජයට මුලින් ගහපු එක බලපෑමක්‌ වුණේ නැහැ.” “මෙන්ඩිස්‌ සහ චන්දිමාල් ඉදිරියට ඇදගෙන ආපු ඉනිමට තව ලකුණු විස්‌සක්‌, තිහක්‌ ගන්න බැරි වුණේ මම සහ ධනංජය එක ළග දැවී ගිය නිසා. නමුත් අපේ පිතිකරු අංශය ශක්‌තිමත්ව හිටියා. මැද පෙළ ප්‍රවේගකාරි පිතිකරුවනුත් හිටියා. මිලින්ද මෙන්ම තිසරත් ප්‍රවේගකාරි පිතිකරුවන්. ඩිල්රුවන් අට බැට්‌ කරන්නෙ. නමුත් සියල්ල හොඳට කරකැවුණේ නැහැ.” “අමිල අපොන්සු විශිෂ්ට පන්දු යෑවීමක්‌ කළා. ඇත්ටම මම පළමු වරට තමයි ඔහු තරගයකදී පන්දු යවනව දැක්‌කෙ. නමුත් ඔහු වැඩේ හරියට කළා.” “ලකුණු අවශ්‍ය වෙලාවට ඉක්‌මනින් හතරේ හයේ ඒවා ගන්නත් ලේසි වුණේ නැහැ. මොකද යාර 80-85 ක්‌ තරම් සීමාවේ දුර තිබුණා. නමුත් මට හරි ධනංජයට හරි චන්දිමාල් එක්‌ක එකතු වෙලා පොඩි දෙයක්‌ හරි කරන්න පුළුවන් වුණා නම් තව ලකුණු ටිකක්‌ ගන්න තිබුණා.” “අපිට දඟ පන්දු යවන්නන්ගෙන්ම තරගයට එන්න වුණේ කාසියේ වාසිය උඩ දාන්න විනාඩි 10 ක්‌ තියෙද්දි නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්‌ වුණ නිසා. චන්දිමාල්ගෙ තත්ත්වයත් අපි ඊළග තරගයට පෙර බලනවා. මම හිතන්නෙ ඔහුට ලොකු ආබාධයක්‌ වෙලා නැහැ.”

No comments:

Powered by Blogger.